iranama
පුරාණ සෙත් පිරිත් ගුරුකම්
පුරාණයෙහි විසූ අප අත්දුටු බුද්ධ මන්ත්‍ර භාවිතා කර මහ ජනතාවට සෙත සාදන ලදී. පිය උරුමයෙන් පුතා ඉගෙන ගෙන බුද්ධ මන්ත්‍ර රැකගෙන එන ලදී. හිසරදය, යක්ෂ දොaෂ, නිවාස ආරක්ෂා, ලෙඩ සුව කිරීම භූත දොaෂ හරණය සඳහා ඇදුරන් බුද්ධ මන්ත්‍ර පාවිච්චි කරන ලදී. ධජග්යෙන් අමනුෂ්‍ය භය තුරන් කළහ. මහා බුද්ධ මාලාව අමනුෂ්‍ය භය දුරු කරන ලදී. තුන් සූත්‍රයෙන් සැමට සෙත ඉතිපිසෝ ගාථාව සබ්බ පාපස්ස ගාථාව, ජල නන්දන සංසාර සාරෝහ වැනි ගාථා විශාල සංඛ්‍යාවක් ඇත.
1. රතන සූත්‍රයෙහි යානීධ භූතානි ගාථාව ඉතා පිරිසිදුවට සුබ දිනක සුබ හෝරාවකින් මරුට පිටුපා සුදුවත් හැඳ පිළිම ගෙයකදී 108 වරක් බෝ පත්රයකට පිරිත් කර ඉන බැඳ ගමන් යන්න සුබ ගමන්.
මෙම ගාථාව කුල දෙවියන්ට විළඳ කිsරිබත් පූජා කර නොපෑගුණ තැනකින් වැලි ගෙන එකසිය අටවර මතුරා එයින්ම කිය කියා නිවසට වැලි ඉසින්න. භූත භය රෝග භය දුරුවේ.
මෙම ගාථාවෙන් සමන් පිච්ච මලට එකසිය අටවර මතුරා මුහුණ අතපය ඇඟ අතගෑම ශ්‍රියා වර්ධනයයි.
මෙම ගාථාව සඳුන් මතුරා ඉන තබාගෙන යන්න සියලු භය දුරුවේ. සර්ප දෂ්ටයේදී තෙල් මතුරා ගානු විස බසී.
ගාථාව එකසිය අට වර හාල් ගැරූ තැනින් ගල් 4 ක් ගෙන එක ගල් කැටයට නවවර මතුරා පිරිත් කර නිවසේ අට කොණ වළ ලණු. සර්ව ආරක්ෂාවයි.
ගාථාවෙන් මීතෙල්වලට එකසිය අටවර මතුරා ඇඟ ගාන්න. භූත දොaෂ යක්ෂ දොaෂ දුරුවී ආරක්ෂාව ලැබේ.
රත් ගෝරෝචන හෝ හඳුන් එකසිය අට වර මතුරා චෛත්‍යයෙහි පඤ්
Wmqgd .ekSu u